Receive all updates via Facebook, Just Click the Like Button Below

By Making Different | Get This !

http://i.ytimg.com/vi/62uEKrL83mk/0.jpg

(RAP)
තලා පෙලලා පොඩි කරලා .. වට්ටන්න හැදුවත් හරස් වෙලා.. 
මම මගේ ගමනේ මගේ පාරේමයි.. කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි...
කෙනෙකුට හීන නම් ගොඩයි එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද  එතනමයි.. අන්තිමට මම විතරමයි.. 
පොඩි කාලේ ඉදන් දැක්කේ හීන.. මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව..
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි..ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව..
ඒ මගේ හීනයයි.. මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි..
හිත ඇත්නනම් පත කුඩාද..සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත.. 
වරෙන් කියපන් ,කියපන් කරපන් ..
රැප් සෙල්ලම දරුනුයි හිත කියන දේම අහපන් හිත කියන දේම කරපන්..
ලෝකෙට හොර ෛද වය  විකුනපන්...
මගේ හීන ඉටු වුනු දවසට .. හීන නැති එක තියන සක්කිලි කමට.. ලගපාත වත් නොයිද දිනපු හීනේටත් අයිතිවාසිකම් කියයි..  

මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ  රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....

(RAP)
රැප් හීන අමුතුයි..මගේ හීන දරුණුයි.. 
හීන වැඩි වුනු තරමට උකස් උනේ මගේ අම්මගේ වලලුයි..
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බියි...
මගේ පද රචනය බිහිසුණුය.. පොඩි කාලේ  ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය... 
අනූවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය.. මම යකෙක්..මගේ තැන හරි දරුණුය..
රැප් වපුරුවයි.. පලදරයි.. දළු දාපු ජීවිතේට දැන් හතුරෝ ගොඩයි..
මගේ වචන ගොඩයි..ඇත දෙන්න හිටියේ නම් වටේට හතර පහයි..
උඩරට මුළු හදින්ම.. හිනාව තිබුනත් යට ගින්දර..
පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට .. අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පදුරට.. 
හීනත් වික්කා.. යාලුවොත් වික්කා..වචනත් වික්කා..ජීවිතේම වික්කා.
මටත් හොරෙන් මගේ අදහස් කුණු කොල්ලෙට විකිණුනා..
හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ.. 
ඉරිසියාව විතරක් ඇයි මට පිටු පෙරලනකොට මගේ රැප් හීන පොතේ..

මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ  රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....



 Rap Heena - Kaizer Kaiz ft. Lil Neo

 Download mp3

0 comments: